කට්ටිය හෝ ගාලා එනවා උදේ නිවුස් බලන කොට ආණ්ඩුව මාරුවෙලා තියේවි – රාජිත

rajitha-speaks

ඊයේ (17) බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් විශාල පිරිසක් 
මේ වන විටත් ආණ්ඩුවෙන් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවයි.
ඉක්මනින්ම මේ ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුවක් පිහිටුවන බවත්  ඔහු කීය.ඔහු මෙසේ කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් නොව ආණ්ඩුව තුළ සිටින විශාල පිරිසක් – ඔබ ඒ ගණන විශ්වාස කරන්නේවත් නැහැ. සමහරු දැන්ම එන්න කැමැත්ත පළ කරලා තවත් සමහරුන්ට අප දන්වලා තියෙනවා වෙලාවට එන්න කියලා. විශ්වාස කරන එකක් නැහැ කලකිරිල එන්න හදන ගාණ දන්නවනං.
උදේ නිවුස් බලන කොට ආණ්ඩුව මාරුවෙලා තියේවි. නව ආණ්ඩුවකට හැමෝම සූදානම් විය යුතුයි.
හවුල් ඒකාබද්ධ ආණ්ඩුවක් තමයි ජනතාවට අවශ්‍ය වන්නේ ගිය සැරේ වැරදිත් හදාගෙන අපි එහෙම එකකට ලෑස්තියි”
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply