පළමු ටෙස්ට් තරගය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලට

West-Indies-in-Galle-for-the-first-Test

මේ මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල ගාල්ලට පැමිණ තිබේ. ඔවුන් මේ වන තෙක් කොළඹ රැඳී සිටියේ පෙරහුරු තරගයට සහභාගි වීම සඳහාය.

අවාසනාවන්ත ලෙස වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා ශ්‍රී ලංකා සභාපතිගේ පිල සමග ඔවුන්ට පැවති  4-දින පෙරහුරු තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේදී අතැර දමන්නට සිදුවිය.

ඉදිරි ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒවා නොවැම්බර් 21 සිට 25 දක්වා සහ නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වේ.

මෙම තරඟාවලිය 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩා කරන තරඟ 6 කින් දෙවැන්න වන අතර, තුනක් මව්බිමේදී සහ තුනක් පිටතදී වේ.

කොදෙව්වන්ගේ සම්පූර්ණ සංචිතය පහතින්:
Kraigg Brathwaite (Captain) ,Jermaine Blackwood (Vice Captain) , Nkrumah Bonner, Roston Chase, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Shai Hope, Kyle Mayers, Veerasammy Permaul, Kemar Roach, Jayden Seales, Jeremy Solozano, Jomel Warrican

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply