බ්‍රිතාන්‍ය කොවිඩ් කරල ලංකාවට ගේන්න තවම අනුමැතියක් නැත – ඇමතිනි සුදර්ශනී

channa-sudarshani-covid-capsule

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මොල්නපිරවීර් කරලට මෙරට කොරෝනා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබූ නමුත්  එම කළ ප්‍රකාශය  සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී ඇත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (17) කළ ප්‍රකාශයක් අනුව එය දැනගන්නට ලැබේ.

ඇමැතිවරිය කියා සිටියේ මෙසේය.

‘එංගලන්තෙ එහෙම කරලක් අනුමත වෙලා තියනවා. හැබැයි ලංකාවට ගේන්න මං දන්න තරමට කොවිඩ් සම්බන්ධ තාක්ෂණික කමිටුව වත් ඖෂධ නියාමන අධිකාරියවත් අනුමත කරල නැහැ තවම. අලුත් බේතක් ගේනව නං ඒ දෙකේම අනුමැතිය අවශ්‍යයි. තාම අනුමතකරල නැහැ. ඉදිරියේදී වෙයිද දන් නැහැ.‘

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply