කොදෙව් තරගාවලියෙන් පසු මිකී ආතර් ඉවත්වේ පසුව එංගලන්තයට

micky-arther-fairwell

කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නතතුරින් ඉවත් වන බව මිකී ආතර් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තුතිය පළ කරන මිකී ආතර් මහතා සඳහන් කර ඇත්තේ තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාවට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බවයි.

මේ අතර, මිකී ආතර් මහතා සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත් කළ බව එංගලන්තයේ ඩර්බිෂයර් ක්‍රිකට් සමාජය අද නිවේදනය කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply