සහකාර පොලිස් අධිකාරී ලෙස පෙනී සිටිමින් ෆේස් බුක් මැසේජ් එවා සල්ලි හොයලා

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදාගෙන පොලිස් නිලධාරීන් ලෙස පෙනි සිටිමින් විවිධ අයට තර්ජනාත්මක බලපෑම් කර මුදල් ඉපැයීමේ ජාවාරමක නිරතවූ මොරටුව ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම තරුණයා පානදුර සහකාර පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් හතරදෙනෙකුගේ නමින් ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර එම අයගේ චායාරූප සොයා ඒවාද යොදාගෙන වරින්වර යාවත්කාල කරමින් සිට ඇති අතර අවට ප්‍රදේශයේ කසිප්පු පෙරන්නන් ඇතුළු වංචාසහගත වැඩ සිදුකරන පුද්ගලයින්ගේ ගිනුම් වෙත පොලිස් නිලධාරී වේහයෙන් පණිවිඩ යොමු කර වරදට හසු නොකරනවාට අල්ලස් ඉල්ලා ඒවා පුද්ගලික ගිණුම් වලට යොමු කරවාගෙන ඇත.
මේ ආකරයට කාලයක් තිස්සේ මුදල් උපයමින් කාලය ගත කරද්දී ඇතිවූ සැකය මත එක් අයෙකු කළ පැමිණිල්ලකින් අදාළ ගිණුම් හිමි අය කවුදැයි විමර්ශනයක් පොලිසිය සිදු කළ අතර ඒ අනුව වරදකරු හසුව තිබේ.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචා කළ සැකකරු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි රවිදු කල්හාර (අවු.18) නමැත්තෙකි.
ඔහු අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළද ඇප නොලැබිණි.
නොවැම්බර් මස 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවදුරුගොඩ මහතා ඊයේ (25දා) නියෝග කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply