හමුදාපති ෂවේන්ද්‍රගේ රුසියානු සංචාරය -Photos

Army-Commander-Shavendra's-visit-to-Russia

මේ දිනවල යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියාවේ සංචාරයක නිරතවේ.
 රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර  කළ ආරාධනයකට අනුව, ඔහු එහි ගොස් තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය. ඉන් අනතුරුව  මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කරන ලද අතර
මෙම සංචාරයේදී  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

 ඡායාරූප මේ සමග පළවේ.

Leave a Reply