දොස්තර කිව්වා 8 වැනි දරුවා හැදුවොත් මගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නැති වෙයි කියලා -මිෂෙල්

sujeewa-palliyaguruge-story

අපිට මේ ගැන මුලින්ම  දැනගන්න ලැබෙන්නේ මීට අවුරුදු හතකට වගේ කලින් එක්තරා රූපවාහිනී වැඩසටහනකින්. මේ වැඩසටහන කියන විදියට ඔහු ලංකාවේ විතරක් නෙමෙයි මුළු ආසියාවම දන්න දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ විතරක් නෙමෙයි ඔහු දරුවන් හත් දෙනෙක්ගේ ආදරණිය පියෙක්. ඉතින් මේ ගැන හොයලා බලන්න අපි ආවා මහනුවරට.. මේ ව්‍යාපාරික සුජීව පල්ලියගුරු මහත්මයාගේ ජීවිත කතාවයි.

අපි දැන ගන්න කැමති ඔබ දෙපලගේ සම්පූර්ණ නම?

 
සුජීව සුරංජන් පල්ලියගුරුගේ.
මිෂෙල් සංජීවනී පල්ලියගුරුගේ .

ඔබ මේ වෙද්දි මුළු ආසියාවම අඳුරන දක්ෂ ව්‍යාපාරිකයෙක්. මොනවද මේ වෙද්දි ඔබ සිදු කරන ව්‍යාපාර ?

සංචාර ව්‍යාපාර වල තමයි මම යෙදිලා ඉන්නේ. ඊට අමතරව හොටෙල්ස් කිහිපයක් තියෙනවා .නුවරඑළිය හොටෙල් එකක් තියෙනවා සහ රම්බඩ තියෙනවා, ආයෙත් ඇල්ල තියනවා, තිස්සමහාරාමය තියෙනවා සහ සීගිරිය තියනවා, වාද්දුවේ තියෙනවා ,මාතලේ තියෙනවා. ඉතින් දෙස් විදෙස් ඕන කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් රට ඇරියට පස්සෙ.

මේ විදිහට ඔබතුමන්ගේ නමට ව්‍යාපාර කීයක් වගේ තියනවද

හැට පහක් විතර තියෙනවා .

මේ සියල්ලම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ඒවා ද ?

එකෙන් පනහක් විතර තියෙන්නේ සංචාර ව්‍යාපාර. ඉතුරු ටික ලංකාවේ දේශීය ව්‍යාපාර.

සුජීව මහත්මයා ව්‍යාපාර වලට එළඹෙන කොට වයස කීයද ?

මට අවුරුදු විසි තුනක් විතර ඇති .මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්.. ඉතින් පියාගේ ආභාෂයෙන් තමයි ව්‍යාපාර වලට සම්බන්ධ වුණේ .


සුජීවගෙයි මිෂෙල්ගෙයි  ආදර කතාව කොයි විදියට ද ගලාගෙන යන්නේ ?

අපි 2001  දෙසැම්බර් 31වැනිදා තමයි අපි හවස හම්බ උනේ නුවර රාත්‍රී භෝජන සංග්‍රහයකට ගියපු වෙලාවක .එදා අඳුරගෙන ඊට පස්සේ මාස හය හතකින් මැරි කරා .බැඳලා අවුරුද්දක් යද්දි ලොකු බබා හම්බ වුණා ඉෂිනි .ඊට පස්සේ දෙක ,තුන ඔක්කොම අවුරුද්ද අවුරුදු එකහමාර ගැප් එකක් තමයි තියෙන්නේ .පලවෙනි පස් දෙනාම දුවලා .ඉතින් පුතෙක් හදන ආසාවෙන් හයවෙනියට හදපු කෙනා තමයි පුතෙක් උනේ.. මෙයත් ළමයින්ට කැමති. මාත් ළමයින්ට කැමති.

අපි දැන ගන්න කැමතියි ඔබ දෙපලගේ ආගම් ගැන ?

මම බුද්ධාගම. බිරිඳ කතෝලික. ඒ උනාට ඇගේ තාත්තා බුද්ධාගම. අම්මා කතෝලික.

ඔබ දෙපලගේ විවාහය දී ආගම් ප්‍රශ්නයක් වුණේ නැද්ද ?

නෑ එක බලපෑවේ නැහැ. දැනටත් මම හැම අගහරුවාද  යනවා church එකට.මෙයා පන්සල් යනවා .

අපි කැමතියි දරුවන් හත් දෙනාගේ ආගම් ගැන දැනගන්න?

බුද්ධාගම.  ඒගොල්ලොනුත් දෙකටම යනවා.  ඒ කට්ටිය බුද්ධාගමේ නමුත් මෙයා අගහරුවාද church යද්දි එයාලත් යනවා.

අපි දැනගන්න  ගන්න කැමතියි මේ පොඩිත්තො කට්ටියගේ විස්තර ටිකක්?

 
මගේ නම ඉෂිනි  පල්ලියගුරුගේ. මම පවුල පලවෙනියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි .දැන් තාත්තගේ බිස්නස් වලට උදව් කරන්න ඉන්නවා .මගේ නම හිමාෂි පල්ලියගුරුගේ. මට වයස දාහතයි. මම පවුලේ දෙවනියා. මම පාසල් යන්නේ කොළඹ ජාත්‍යන්තර පාසලකට .මගේ නම සෙනලි පල්ලියගුරුගේ. මගේ වයස 14යි. මම ඉගෙන ගන්නේ සීඅයිඑස් Kandy වල .මම තාත්තා වගේ බිස්නස් පැත්තට ආසයි. මගේ නම ඔනලි පල්ලියගුරුගේ. මම පස් වෙනියා. මගේ වයස අවුරුදු දහතුනයි .මගේ ඉස්කෝලේ Colombo international school Kandy .මගේ නම ලොශෙන් පල්ලියගුරු ගේ. මගේ වයස 11යි .මම ලොකු වෙනකොට මට පයිලට් කෙනෙක් වෙන්න ඕනේ .මගේ නම සශේන් පල්ලියගුරුගේ.මගේ වයස අවුරුදු 10 යි .

මේ වගේ තීරණයක් ගන්න බය හිතුන නැත්තේ ඒ කාලේ ඉඳන්ම ඔබගේ ආර්ථික තත්වය ඉතාමත් හොඳ තත්වයක පැවතුන නිසා ද ?

නෑ එකක් තමයි ළමයින්ට ආසාව තිබ්බා .එච්චර ලොකු ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නැහැ. ඉතිං ඒ හින්දා එහෙම්මම හදාගෙන ගියා..

මිෂෙල් මහත්මිය දරුවන් අතර වයස් පරතරය කොහොමද ?

ලොකු දුවට අවුරුදු දහ නමයයි .බාල පුතාට අවුරුදු දහයයි .එතකොට ඔක්කොමල අවුරුදු දෙකකට අඩු වයස් පරතරයක් තියෙන්නේ .ලොකු දුවයි දෙවැනයයි අතර අවුරුද්දයි මාස නවයයි ,ඊට පස්සේ අවුරුද්දයි මාස හතයි .

අපි ඔබ තුමියගෙන් ඇහුවොත් අටවැනි  දරුවෙක් ගැන හිතුවේ නැත්තේ ඇයි කියලා?
 
නෑ දොස්තර කිව්වා ඉතිං තවත් ළමයි හැදුවොත් මගේ සෞඛ්‍ය තත්ත්වයටත් හොඳ නැති වෙයි කියලා බයක් ඇතුව තමයි එහෙම නොකෙරේ .

දරුවන්ගේ පුංචි කාලේ ගැන මතක් කරද්දී අමතකම වෙන්න ඇති දවස් මොනවාද ?

දැන් පොඩිම එක්කෙනා කියන්නකො කොට් එකේ ඉන්නවා කියලා. ඉතින් කට්ටිය බත් කන වේලාවට එ කට්ටියගේ හිතේ ඒ බත් කන වෙලාවට අර පොඩි බබාටත් කවන්න පුළුවන් කියලා ඒ කට්ටිය කන බත් පිඟානෙන් ගිහිල්ලා අර පොඩි බබාට කෑම ඔබනවා .එක දවසක් මම බලද්දි උඩ අතට හිර වෙලා වගේ ඉන්නවා කෑම. බලද්දි පොඩි චිකන් කෑල්ලක් කවලා මාසේ බබාට .ඒ කියන්නේ අවුරුදු දෙකේ ළමයා අර මාස ළමයට බත් කවලා .

එක සැරයක් ලෙඩ වෙලා hospitalize උනාම වයිරල් ෆ්ලු එකක් ඇවිල්ලා  vomitting එක .ඊට පස්සේ එක්කෙනෙක් හොස්පිට්ල් එකේ ගිහිල්ලා ගෙදර ඇවිල්ල ඇඩ්මිට් කරලා ගෙදර ආව ගමන් අනිත් එක්කෙනාට වයිරල් එක බෝ වෙලා එයාගෙ ඔලු උඩ වමනේ දාලා රෑ පාන්දර දෙකට වගේ .ඊට පස්සේ ෙරෑ පාන්දර දෙකට හොස්පිටල් එකෙන් ගෙනාපු එක්කෙනාව නැවුවා. ඒ වගේ ඔක්කොටම උණ හැදුනොත් හරි මොනා හරි ලෙඩක් හැදුනොත් ඔක්කොටම එකට බෝ වෙනවා .එක දවසක් පුතා නහය චුවින්ගම් එකක් දාගෙන අපි දන්නෙ නෑ ආපුහාම ලෙඩේ මොකක් ද කියලා. ඊට පස්සේ පාන්දර ගිහිල්ලා එක ගන්න වුණා. අපිට වැඩට කවුරුත් නැහැ. අපිම තමයි ඔක්කොම කරගන්නේ. බබාලාව බලාගෙන කවන ඒවායින් කෑම හදන ඒවා සේරම කරන්නේ අපි. අම්මා ගොඩක් උදවු කළා .

දරුවා හත් දෙනෙක්ට කෑම බීම හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි කොහොමද මේ ගොල්ලොන්ගේ කෑම බීම ගැන ඔබතුමිය කටයුතු කරන්නේ?

දැන් ලොකු කාලෙ තමයි එහෙම වෙන්නේ. පොඩි කාලෙ නම් එහෙම එකක් නැහැ. ගොඩක් වෙලාවට මම එකම වගේ ඔක්කොටම කැව්වා. ඒගොල්ලන් වැඩියෙන්ම ආස ලංකාවේ දේශීය දේවල් කන්න . ලොකු දුව ආසයි කොස් පොලොස් කන්න .දවල්ට කොල මැල්ලුම් තියෙන්න ඕනේ .ලංකාවේ දේවල් තමයි කන්න ආසයි .

මේ දරුවෝ අතරින් වැඩියෙන්ම රණ්ඩු කරන්නේ කවුද?

මේ ඉන්න හතරවැනියා තමයි එහෙම කරන්නේ.. හැබැයි ඔක්කොම බැලන්ස් කරන්නෙත් එයා තමා .

දරුවා හත්දෙනා එක්ක ගමනක් යද්දි කොයි විදිහටද සංවිධානය වෙන්නේ?

බොහෝ දුරට අපි ළඟ වැන්  එකක් තියෙනවා.ඒකෙ දොළහකට යන්න පුළුවන් .ඉතිං ඒකෙ අපි ගොඩක් වෙලාවට යනවා.
 
දරුවා හත්දෙනෙක් කියන්නේ  ලොකු වගකීමක්. ඔබ දෙපළ කොයි විදියට ද මේ දරුවන්ගේ අනාගතය සැලසුම් කරලා තියෙන්නේ?

ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මේගොල්ලන්ට හොඳට උගන්වනවා. එයාලා හොඳට ආසාවෙන් ඉගෙන ගන්නවා. ඉතිං ඉගෙනීම තමයි පුළුවන් තරම් දෙන්න බලන්නේ. ඊට පස්සේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න පුළුවන් ගොඩක් තියෙන හින්දා.. ඉතිං ඒගොල්ලොන්ගෙ කැමැත්ත ඇතුව ඕනෙනම් ඒගොල්ලන්ට වැඩිදුර අධ්‍යාපනයට  යන්නත් පුළුවන්.නැත්නම් ඉතින් ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න පුළුවන්.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කළොත් කරොත් වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නෙ මොන වගේ ක්ෂේත්‍ර වලට ද ?

ලොකු එකෙනා ගොඩක් sports පැත්තට බරයි .ඊළඟ එක්කෙනා ඩාන්සින් වලට කැමතියි .තුන්වෙනි හතරවෙනියයි singing පැත්තට ගොඩක් ඇල්මක් දක්වනවා.

දරුවාන් හත් දෙනෙක් එක්ක මේ ගෙවන ජීවිතයේදී විවේක කාලයක් ලැබුණාම කොහොමද එක ගතකරන්නෙ?

අපි ගොඩක් වෙලාවට අපේ හොටෙල් එහෙකට යනවා .නැත්නම් වත්තක් තියෙනවා මාතලේ. එකට යනවා ගොඩක් වෙලාවට ඒ වත්තට යන්න හරි ආසයි. එතකොට සින්දු කියනවා .ඒ වගේ තමයි .අපේ මේ ළමයි ඔක්කොමල ටික හරි එකමුතුයි. ඉතිං ඒ නිසා අපිට වුණත් දවස යනවා තේරෙන්නේ නැහැ .අපි සුමානේට දවස් හතරක් හරි පහක් හරි යාචකයන්ට කෑම දෙනවා හවසට.. ඉතිං ඒකට මේගොල්ලෝ ඔක්කොම සම්බන්ධ වෙනවා සහ මාළුන්ට කෑම දානවා වැවේ ඉන්න මාළුන්ට .ඒකට මේ හැමෝම හරි ආසයි .

කොරෝනා වසංගතයක් එක්ක දරුවන් එක්ක  කාලය ගත කරන්න ලැබෙනවා වැඩියි.. ඉතින් කොහොමද මේ දරුවොත් එක්ක ගත කරන ජීවිතය?

කොරෝන කාලේ ලොක්ඩවුන් දාලා තියෙද්දි මෙයා ගොඩක් බබාලට කැවුවා .අන්තිමට බබාලා ගොඩක් මහත් වුණා .මෙයා කවනවා කවනවා ඉවරයක් නැහැ හත් දෙනාටම එක පිඟානේ..  .මෙයාට හොඳ හැකියාවක් තියෙනවා කෑම කවන්න. .බබාලා ඔක්කොම එක්ක එකට සෙල්ලම් කරනවා .ඒ කාලේ ඉතින් ගොඩක් වෙලාව තිබ්බා එකට ගත කරන්න .මේ දවස් වල තුන්වෙනියයි, හතරවෙනියයි පස්වෙනියයි නැන්දම්මගෙ ගෙදර ඉන්නේ.මේ කාලේ මේගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් කරනවා උදේට.. දවල් වෙද්දි  Oak Ray bakers   කියලා තියනවා අපේ ව්‍යාපාර ජාලය .ඉතිං ඒකට මේ ගොල්ලන්ගෙ ඇවිත් උදව් කරනවා.

ඔබතුමා සංචාරක කර්මාන්තය යෙදිල ඉන්න ව්‍යාපාරිකයෙක් මේ corona කොරෝනා තත්ත්වය ඔබතුමන්ගේ ව්‍යාපාර වලට කොයි විදියට ද බලපෑවේ ?

අපේ  Oak Ray bakers   කියන්නේ සංචාර ව්‍යාපාරයකට සම්බන්ධ ආයතනයක්. ගොඩක් තියෙන්නේ අපේ hotels තියනවා restaurant තියෙනවා.ඊට අමතරව furniture’s එක්ස්පෝට් කරනවා ,බතික් ,silk ,tea factory  ඒවා ඉතිං ඒ ඔක්කොම ස්ටාෆ් එක අපේ එක්දහස් අටසීයක් විතර අපේ ආයතනයේ ඉන්නවා .ඉතින් මේ කාලේ ඒ ඔක්කොටම රස්සාවල් නැහැ. ඉතිං  Oak Ray bakers කියලා ආයතන කීපයක් තියෙනවා. ඒකෙ තමයි ඔය තුන් සියයක් විතර වැඩ කරන්නේ .ඉතින් අනිත් කට්ටිය ඔක්කොම රස්සාවල් නැතුව ගෙදර ඉන්නේ. ඒත් ඉතිං අපිට පුලු පුලුවන් මට්ටමෙන් එයාලව රැක ගන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක් අපිට .


ව්‍යාපාරිකයෙක් විදිහට කොහොමද මේ දවස් වල මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්නේ ?

ඇත්තට ම සංචාරක ව්‍යාපාරයේ තියෙද්දිත් මගේ Oak Ray bakers  ආයතන කිහිපයක් තිබ්බා. අපි මේ lockdown එකත් එක්ක ඒක හොඳට improve කළා. Oak Ray bakers   කියන brand එක ..ඉතිං ඒ හින්දා ඉතින් අපිට ඒක එච්චර ගානක් වුණේ නැහැ lockdown එක .ඉතින් ඒ නිසා අපේ ඉන්කම් එක අඩු වුණේත් නැහැ .ඒ විදියට ස්ටාෆ් එකේ හැමෝටමත් අපි රස්සාවල් දුන්නා ඔක්කොටම වගේ. .ඉතින් මේ වෙලාවේ අපි එකම දේක ඉන්නෙ නැතුව තව දේකට මාරු උනා. එක ලොකු දෙයක් ඉතින් අපි ගත්ත තීරණය .

අපි දන්න විදිහට සුජීව පල්ලියගුරුගේ කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම හොඳ තාත්තා කෙනෙක්. කොහොමද මේ දෙකම සමබරව පවත්වාගෙන යන්නේ?

මම ගොඩක් time management කර ගත්තා .ව්‍යාපාර පැත්තෙන් හොඳ සේවකයෝ පිරිසක් ඉන්නවා මට. ඉතින් ගෙදර වැඩ මෙයා බලාගන්න හින්දා මට ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ. බබාලා ගොඩක් මෙයත් එක්ක  ක්ලෝස්. .ඇත්තටම කියනවා නම් දෙකටම කැප කිරීම් දෙකක් කරන්න වෙනවා .තමන් කැපවීම් කරනවා නම් ඔය දෙකම බැලන්ස් කරන්න පුළුවන්.ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි .ගොඩක් බිස්නස් කරන අයට නම් අමාරුයි කිව්වට ඒක තමයි ලේසිම .


දරුවන් හත් දෙනෙකුගේ මවක් විදියට වගේම හොඳ බිරිඳක් විදියට ඔබතුමියට මේ වීඩියෝ එක බලන පිරිසට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නෙ ?

ළමයි එක්කෙනෙක් දෙන්නෙක් හැදුවත් ,හතක් හරි දහයක් හරි හැදුවත් මට හිතෙනවා ඒක එක වගේ එකටම ලොකු වෙනවානේ. ඉතින් වැඩි අවුරුදු පරතරයක් නැති හින්ද ඒක දැනුනෙත් නැහැ හත්දෙනෙක් හැදුවා කියලා.මට ඒකේ වෙනසක් දැනුනේ නැහැ .ළමයි ගොඩක් හදන්න බය වෙන්න හොඳ නැහැ .මං නම් කියන්නේ පුළුවන් තරම් ළමයි හදන්න කියලා .ළමයි හැදුවා කියලා niglect කරන්න හොඳ නැහැ.  ව්‍යායාම් කරලා ,ඒ විදියට කෑම කාලා තමන් ගැනත් බලලා තමා වෙනුවෙන් ටික කාලයක් වැය කරන්න ඕනේ .

Video -Duhuwili
Script Writer & Director :- Sasanka Priyamal
Cinematography :- Harin Jayawardhana

Special Credits :- Praneeth Isanka

 

[embedded content]

Leave a Reply