ජනපති කැඳවූ රැස්වීමට ආණ්ඩුවේ 52 ක් නොපැමිණීම ගැන විවිධ කතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පෙරේදා (24 වැනිදා) පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමග වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සැලකිය යුතු පිරිසක් සහභාගී නොවීම ගැන දැන් දැන් දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ කතා නිර්මාණය වෙමින් පවතී.

ආරාධිත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 52 ක් මීට ආවේ නැති අතර 32 ක්ම නෑවිත්ඇත්තේ එන්නේ නැති බව නොකියාය.
රැස්වීමට සහභාගී වී සිටියේ මැතිඇමැතිවරුන් 107 දෙනෙක් පමණි.
නොපැමිණි මන්ත්‍රිවරුන් අතර හිටපු ජනාධිපති ​මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටි බව කියැවේ.
පසුගිය කාලයේ ආණ්ඩු ප්‍රබලයින් සමග විරසකකම් නිසා බෙදීයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන පිරිසක් මෙහි නොපැමිණි බවට කතාවක්ද පවතින අතර තවත් කතාවකින් කියැවුනේ සැලකිය යුතු ප්‍රමාණයත් ‌නොපැමිණ සිටීමට ‘ඇන්ටිජන්’ ගැටලුවක්ද බලපා ඇති බවය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට ප්‍රථම සියලුම මැතිඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවට පණිවුඩයක් නිසා ඊට අකැමැත්ත ප්‍රකාශ ‌කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව මන්ත්‍රිවරුන් පවසති.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply