නවතම සැම්සුන් ෆ්ලිප් හා ෆොල්ඩ් ඇතුළු මාදිලි 61 ක් රුසියාවේ අලෙවිය තහනම්

මේ දිනවල වෙළෙඳලෝකයේ විශාල කතාබහක් ඇතිකර තිබෙන සැම්සුන් ජංගම දුරකථන සමාගම නිකුත් කළ ෆ්ලිප් හා ෆොල්ඩ් මාදිලි ඇතුළු මාදිලි 61 ක් රුසියා තුළ අලෙවි කිරීම එරට අධිකරණය මගින් තහනම් කර ඇත.
දකුණු කොරියානු සැම්සුන් සමාගම රුසියාවේ ඒවා අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේ ස්විට්සර්ලන්තය පදනම් කරගත්  රුසියාවේ ක්‍රියාත්මක SQWIN SA සමාගම ඊට එරෙහිව නඩු පවරා වාරණ නියෝගයක් ලබාගෙන තිබුනේ ගෙවුණ සතියේදීය.
ඊට බලපා ඇති හේතුව ලෙස සඳහන් වන්නේ සැම්සුන් දුරකථන සමග පවතින ‘සැම්සුන් පේ‘ Samsung Pay
පහසුකමට බුද්ධිමය දේපළ අයිතිය යටතේ SQWIN SA සමාගම නඩු පැවරීමය.
SQWIN SA පවසන්නේ අදාළ මෘදුකාංගයට හිමි පේටන්ට් බලපත තමන් සතු බවත්  සැම්සුන් සමාගම එය සොරකම් කරගෙන ඔවුනගේ නම ගසාගෙන දුරකථනය සමග බෙදාහරින බවයි.

පේටන්ට් බලපත්‍ර ආරවුල හේතුවෙන් මොස්කව් බේරුම්කරණ අධිකරණය විසින් රුසියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික උපකරණ 61 ක් විකිණීම තහනම් කරන ලද බවට තීන්දුව ලැබුණ අතර ඒ අතර පහත මාදිලි දැක්වේ.
Samsung Galaxy Z Flip, Samsung Galaxy Fold, Samsung Galaxy Z Fold 2, Samsung Galaxy S21, Samsung Galaxy S21+, Samsung Galaxy S21 Ultra 5G, Samsung Galaxy S20 FE, Samsung Galaxy S20, Samsung Galaxy S20+, Samsung Galaxy S20 සැපයීම සහ විකිණීම.

තීන්දුවට අනුව අල්ට්‍රා, සැම්සුන්ග් ගැලැක්සි එස් 10 ඊ, සැම්සුන්ග් ගැලැක්සි එස් 10, සැම්සුන්ග් ගැලැක්සි එස් 10+, සැම්සුන්ග් ගැලැක්සි එස් 10 ලයිට්, සැම්සුන්ග් ගැලැක්සි එස් 9, සැම්සුන්ග් ගැලැක්සි එස් 9+, සැම්සුන්ග් ගැලැක්සි එස් 8 මාදිලි සහ තවත් සමහරක් රුසියාවේ තහනම් කර ඇත.

මෙම තීරණය සම්මත වූ දින සිට මාසයක් ඇතුළත අභියාචනය කළ හැකි අතර අදාළ හිමිකම් පූරණය කර සැමුස්න් සමාගමට වෙළෙඳපොළට ඇතුළුවිය හැකි බවද දැක්වේ.
SQWIN SA සමාගම මින් ඉහත මේ ආකාරයට ඇපල් පේ හා ගූගල් පේ ට එරෙහිවත් නඩු කියා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply