පටලැවිල්ල විසඳගන්න පෙම්වතා එක්ක ගරාජයට ගිය පෙම්වතිය ගිනි අවුළාගෙන මරුට

Girlfriend-who-went-to-the-garage-with-her-boyfriend-to-solve-the-mess-caught-fire-and-died

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාසය කළ 22 හැවිරිදි තරුණියක ප්‍රේම ආරවුලක් ඇතිවූ අවස්ථාවක සිරුරට ගිනි ගැනීමෙන් මිය ගොස් ඇති අතැර ඇගේ මරණය සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

ඉකුත් 17 වැනිදා දහවල් මෙම තරුණිය නිවස ආසන්නයේ පිහිටි ගරාජ් කාමරයක් තුළදී සිරුරට ගිනි ඇවිළෙමින් තිබියදී හමුවී ඇති අතර අනතුරුව ගම්පහ මහරෝහලේදී මියගොස් තිබුණි.

මිනුවන්ගොඩ පොලිස් වසමේ විතානමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි එල්. ටී. කල්පනි දිල්හාරා දුලානි නමැති
මියගිය තරුණිය නාවල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවත්, පසුගි 17 වැනිදා ඇගේ සොහොයුරාගේ උපන්දින සැමරුමට පෙම්වතා පැමිණි බවත් මියගිය අයගේ මව ප‍්‍රකාශයක් ලබාදී තිබේ.

උපන් දින සාදයෙන් පසු ඇයට නාඳුනන අයෙකුගෙන් ඇයගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබී ඇති බවත් ඉන් අනතුරුව ඇය සහ පෙම්වතා අතර ආරවුලක් ඇතිවී ඇති බවත් පසුව දෙදෙනා වැඩිදුර කතාකර ගැනීමට අවශ්‍ය බව පවසා පෙම්වතා සමඟ නිවස අසල පිහිටි ගරාජ් ගොඩනැඟිල්ලට ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.

ගරාජයෙන් පෙම්වතා එළියට විත් සුළු වේලවකින් පසු තරුණිය කෑ ගසන ශබ්දය ඇසී මව ඇතුළු පිිිරිස එක්වී ගොස් බලද්දී ඇයගේ සිරුරට ගිනි ඇවිළ තිබෙනක අයුරු දැක තිබේ. ඔවුන් ගින්න නිවා තරුණිය රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

ඇයගේ සිරුරට ගිනි අවුළා පෙම්වතා එලියට ආවේද නැතිනම් ඇය සිරුරට ගිනි තබාගෙන මියගියේද යන්න ගැන පරීක්ෂණ අරඹා ඇති අතර පෙම්වතා මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply