දිනකට ළමා අපචාර 25කට වඩා…

October 19, 2021 at 8:02 am | lanka C news

දිනකට ළමා අපචාර 25කට වඩා…

දවස් එකසිය අසුවකට ළමා අපචාර 4743ක් වාර්තා වෙනවා කියන්නෙ එක දිනකට අපචාර විසිපහකට වඩා සිද්ද වෙනවා ඒ කියන්නේ පැයකට ළමා අපචාරයකට වඩා සිදු වෙනවා නෙද ? එසේනම් අපි ශිලාචාර බවෙ සිමාවට ඇතුල් වන්නේ කොහොම දැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බේරුවල දී කිහ .

,,මත්පැන් වලට ඇබ්බැහි වීම ,, යන යෙදුම තවදුරටත් පාවිච්චි කරන්න එපා කියලා මා මාධ්‍ය භාවිත කරන මිත්‍ර වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා පැන් කියන්නේ ජලයට ,වතුරට ශුද්ධ වූ අර්ථය , පූජනීයත්වය එකතු කරල සංස්කෘතික යොදන යෙදුමට පිරිත් පැන් කියලා කියනවා . මත් වතුරට මත් වතුර මිසක් මත්පැන් කියන යෙදුම මාධ්‍ය භාවිතයේ දී දේශපාලන වේදිකාවේදී උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේදීත් මේ වචනය දිගින් දිගටම භාවිතා වෙනවා යයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව් වැඩි දුරටත් පැවසීය .

මිත්‍රවරුනි අපි මතට වැටක් බඳින මේ වෙලාවේ මේ යෙදුම භාවිතයේදි මතට පූජනීය අර්ථයක් දැනුවත් කමින් හෝ නොදැනුවත්කමින් හෝ මත් වතුරට ලබා දිය යුතු නැතැයි කිහ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියල්ලට පෙර දරුවන් තේමාවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කර පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් එක්වෙමිනි .

තව දුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ පැවසීය .

අද අපි දරුවෝ ගැන කතා කරනවා ලෝකෙ රටක්, සමාජයත් , පුරවැසියන් ශීලාචාර ද කියලා මනින මිනුම් දඬු කිහිපයක් තියෙනවා . රටක නම් ප්‍රකාශනයේ නිදහස තියනවද දරුවන්ට කොහොමද එරටේ සලකන්නෙ, ඒ රටේ ආබාධ සහිත ප්‍රජාවට තිබෙන තත්වය කුමක්ද මේවා දර්ශන . සමාජය ගැනත් එහෙමයි. පුරවැසියෙක් ගැනත් එහෙමයි දරුවන්ට ඒ පුද්ගලයා සලකන විදිය ලෝකෙ ශීලාචාරකම මනින මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා.

දැන් මේ මිනුම් දණ්ඩෙන් අපිට මැන ගන්න හොඳ දවසක් මේ ජාත්‍යන්තරව සමරන ළමා දින මාසය .අපේ සමාජය මැන ගන්න හොඳ අවස්ථාවක් මේ දර්ශකය ,මේ කෝදුව ,මේ මිනුම් දණ්ඩ ඔබ ආදේශ කර ගන්න , ඔබේ සමාජයට හා ඔබේ ආයතනයට ආදේශ කර ගන්න .

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තියෙන්නේ මගේ යටතේ මම තොරතුරු නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා ළමා අපචාර පිළිබඳව , ළමා අපචාර කියන්නෙ ලිංගික කරන අපරාධ විතරක් නෙවෙයි මානසිකව ශාරීරිකව අපේ රටේ දරුවන්ට වෙන අපරාධ 2020 වර්ෂයේ 8123ක් වාර්තා වෙලා තියෙනවා .

මේ වසරේ ජනවාරි පළමුවන දින සිට ජුනි ජුනි 30 දක්වා මාස හයක් වූ දින 180 ක කාලය තුළදී ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 4743ක් වෙනකොට වින්දිතයන් 4900 කට වැඩියි . මිත්‍රවරුනි මේ පුවත විශ්ලේෂණය කරලා බැලුවම ප්‍රධාන කරුණු තුනක් මතුවෙනවා . ඒ විතරක් නෙවෙයි ළමා අපචාර සම්බන්ධ දරුවෝ වයස අනුව වෙන් කළොත් 21%ක්.

වයස අවුරුදු පහට අඩු ,5ත් 10ත් අතර 17% ,11ත්15අතර38%ඒ කියන්නේ 75%ක්ම අවුරුදු 15ට අඩු දරුවෝ මේ තත්ත්වයට පත් වෙනවා . දින එකසිය අසූවක මාස හයක කාලේදි අපචාර 4743ක් වෙනකොට දිනකට ළමා අපචාර විසිපහකට වඩා සිද්ධ වෙනවා . ඒ කියන්නේ එක පැයකට ළමා ළමා අපචාරයකට වඩා සිදුවෙනවා නේද ?එහෙනම් අපි සීලාචාර බවේ සීමාවට ඇතුළු වෙන්නෙ කොහොමද?

අපි අධ්‍යාපන පද්ධතිය දරුවෝ දැනුවත් කරන අතරේ නීති පද්ධතිය දරුවා ආරක්ෂා කරන්න ඕන . මේ මේ පුංචි දරුවෝ අපචාර යට ලක් වෙලා තියෙන්නෙ කාගෙන්ද ඒවායේ විත්තිකරුවන් වන්නේ පියා, මව , පූජ්‍ය පක්ෂය සීයා ,ගුරුවරයාගේන්, පූජ්‍ය පක්ෂය කියන්නේ සිවුරු දාගත් අය විතරක් නෙවෙයි ,මේ අපචාර වලට පොලිසිය ,පූජකයෝ ඉන්නවනම් මොකක්ද අපිට පේන චිත්‍රය . පොලිසිය 18ක් ඉන්නවා එක ඕඅයිසී මහත්තයෙකුත් එක්ක .එතකොට මේ දැනුවත් කිරීමත් නීති පද්ධතියේන් ආරක්ෂා කිරීමත් කරන්න ඕන.

මම ස්තුතිවන්ත වෙනවා පියල් නිශාන්ත මැතිතුමාට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද ළමයින් වෙනුවෙන් විවෘත කළ ඒකකයට . රටේ රාජ්‍ය නායකයා වගේම අග්‍රාමාත්‍යවරයා ආදරණීය පියෙක් ,අපි ආදරණීය අම්මලා තාත්තලා . ඕනම ව්‍යසනයකදී ඕනම ඛේදවාචකයක දී පළවෙනි වින්දිතයා වෙන්නේ වැඩිම දඬුවම් ලැබෙන්නේ දරුවාට බව අමතක කරන්න එපා .

දැන් මේ කොයිඩ් වසංගත තත්වය යටතේ දරුවෝ මොනතරම් පීඩාකාරී සාධකයක් වෙලා තියෙනවද ?අපි රාජ්‍ය ඇමති තුමාගේ නායකත්වය යටතේ විශ්වාස කරනවා මේ අර්බුදයෙන් අපේ දරුවෝ මෑත් කරන්න සහ රට තුළ ශීලාචාර බවේ මුද්‍රාව රට මතින් තියන්න අවශ්‍ය නායකත්වය දෙයි කියලා .

දරුවන්ට ඇහුම්කන් දෙන්න , අපේ දරුවන්ට ඇහුම්කන් දෙන තත්ත්වය හරිම අඩුයි . එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියේ 4 වැනි වගන්තියෙ ළමයින්ට අදාල කාරණා වලදී ළමයින් ගෙන් අහන්න .

හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරල අහන්න අපි ඒක කළා ද කියලා .අපි දරුවාට ඇහුම්කන් දෙනවද මේ තත්ත්වය නිවැරදි කිරීමේ පළමු පියවර තමයි වරදක් තියෙන බව පිළිගැනීම සහ සාකච්ඡා කිරීමට යයි පැවසීය .

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ,වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මර්ජාන් පලිල්, සංජීව එදිරිමාන්න , ලලිත් එල්ලාවල , ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ,බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වී සිටියහ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

0 views

Leave a Reply