ජීවන වියදම් ඉහළ යාමේ කම්පනය ඒ ආකාරයෙන්ම ජනතාවට දැනෙන්න ඉඩ දුන්නේ නෑ..

October 19, 2021 at 6:20 am | lanka C news

ජීවන වියදම් ඉහළ යාමේ කම්පනය ඒ ආකාරයෙන්ම ජනතාවට දැනෙන්න ඉඩ දුන්නේ නෑ..

කොරෝනා වසංගතය මැද්දේ ජීවන වියදම් ඉහළ යාමේ කම්පනය ඒ ආකාරයෙන්ම ජනතාවට දැනෙන්න ට ආණ්ඩුවක් ලෙස ඉඩ නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

නමුත් ජනතාවට සියලු සැනසිල්ලක් ඉන් ලැබුණු බව අදහස් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් ලැබුණු පීඩනය අවම කිරීම සඳහා ආණ්ඩුවක් ලෙස මැදිහත් වූ බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන 2022 වසර ආර්ථිකමය වශයෙන් බලාපොරොත්තු තබාගත හැකි වසරක් වනු ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

0 views

Leave a Reply