ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය එන්නෙ 31 සෙනසුරාදා

pavithra-speaks

පසුගිය දිනවල ප්‍රමාද වෙමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා ජපානයේ සිට දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව ලබන අගොස්තු මස මුල් සතියේදී මාස 5 ක 6ක පමණ ප්‍රමාදයකින් පසු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගන්නටත් ඒ සම්බ්නධ ගැටලුව නිරාකරණයටත් එන්නත ලබාගත් අයට හැකිවනු ඇත.
කෙසේ වෙතත්  මාත්‍රා දෙක අතර ප්‍රමාදය එන්නතේ ගුණාත්මකභාවයට කෙතරම් බලපා ඇතිද යන්න පැහැදිලි කර නැත.
 

Leave a Reply