අතුරුදහන් තිදරු මවකගේ මල සිරුර ජල විදුලි බලාගාරයක වේල්ලක…

October 17, 2021 at 2:28 am | lanka C news

අතුරුදහන් තිදරු මවකගේ මල සිරුර ජල විදුලි බලාගාරයක වේල්ලක…

නිවසින් අතුරුදහන්ව සිටි තිදරු මවකගේ සිරුරක් නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක වේල්ලක තිබි සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ විදුලි බලාගාර වේලලේ තිබි හමු වි ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කුයින්ස්බෙරි වතුයායේ පදිංචිව සිටි ජේ.ෆෙලොමිනා නැමති (73) හැවිරිදි තිදරු මවගේ සිරුරයි.

තිදරු මව (14) දින උදැසන සිට නිවසින් අතුරුදහන්ව සිටි නිසා ඇයගේ දරුවන් එම වතු යාය පුරා සොයා ඇති අතර , පසුව නිවසේ සිට කිලෝමිටර් පහක් පමණ පහලින් පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාර වේලලේ තිබි සිරුර සොයාගත් බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

එම පෞද්ගලික ජල විදුලි බලාගාර මුරකරු විසින් ජලාශ වේල්ලේ පාවෙන නාදුන්න කාන්තා මල සිරුරක් ඇති බවට නාවලපිටිය පොලිසිය වෙත කරන ලද දැනුම් දිමක් මත සිරුර සොයගෙන ඇත.

ජලාශ වේල්ලේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

0 views

Leave a Reply