චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..

October 16, 2021 at 10:22 pm | lanka C news

චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..

චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ එම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 එදා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවයි.

නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම ගමනාගමනය තහවුරු වී ඇතැයි ද එම වාර්තාව කියා සිටියි.

අදාළ නෞකාව පොහොර මෙට‍්‍රික් ටොන් විසිදාහක් රැගෙන දින දෙකකට පමණ පෙර සිංගප්පූරුවේ ස්ථානගත වී තිබු බවත් දැනට එය මලක්කා සමුද්‍ර සන්දිය ආශ්‍රිත මුහුදු කලාපයේ යාත්‍රා කරමින් සිටින බවත් තවදුරටත් සඳහන් වෙයි.

100 views

Leave a Reply