සුවසැරිය ඇම්බියුලන්ස් හෙදිය රෝගී කත රෝහලට ගෙනයද්දී මාලයට විදලා

විශ්‍රාමික ආදායම් බදු කොමසාරිස්වරයකුගේ රෝගාතුර වූ බිරිද රෝහලකට රැගෙන යාමට ආ ගිලන් රථයක හෙද නිලධාරිනියක රෝගියාගේ රුපියල් ලක්ෂ 02ක්  පමණ වටිනා රන් මාලයක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 

සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.   සැකකාරියගෙන් හෙළිකර ගත් තොරතුරු මත සොරාගත් රන් මාලයද  පොලිසිය සොයාගෙන ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ගිලන් රථ සේවාවේ 29 හැවිරිදි  හෙද නිලධාරිනියකි.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම 73  හැවිරිදි විශ්‍රාමික ආදායම්  බදු කොමසාරිස්වරයා මිරිහාන මූලස්ථාන  පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකාර හෙද  නිලධාරිනිය පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරියෙක් පැවසීය.  රෝගී කාන්තාව රැගෙන යාමට පැමිණි  සුව සැරිය ගිලන් රථයේ  හෙද නිලධාරිනිය රෝගියාට රෝහලට රැගෙන යාමට අලුතින් ඇඳුමක් ඇන්දවීමට ඇය සිටි කාමරයට ගිය අවස්ථාවේ එම රෝගී කාන්තාව ගෙල පැලඳ සිටි රන්මාලය සොරාගෙන ඇති  බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය (lankadeepa)

Leave a Reply