ඇමති මහින්දානන්දගේ ‘රසායන කාබනික පොහොර‘ මාධ්‍ය අවුලයි

mahindananda-chemistry

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගම‍ගේගේ මාධ්‍ය ලේකම්වරයා ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක හා ඇමතිවරයාගේ ෆේස්බුක් පිටුවේ තිබූ සටහනක් නිසා රසායනික කාබනික පොහොර විශේෂයක් ගැන සමාජ මාධ්‍ය පෝස්ටු පළ වී තිබේ.

ඊයේ කොළඹ වරායට ලිතුවේනියාවෙන් ආනයනය කර ගොඩ බාන ලද ‘පොටෑසියම් ක්ලෝරයිඩ් ‘ කාබනික පොහොරක් සම්බන්ධයෙන් මුලින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තිබූ අතර එය විවේචනය වීමට ලක්වූ පසු ෆේස් බුක් පිටුවේ සටහන කාබනික පොහොර පමණක් ලෙස වෙනස්කමට ලක්කර තිබුණි.
කෙසේ වෙතත් මුල් මාධ්‍ය නිවේදනය උපුටමින් දෙරණ ඇතුළු මාධ්‍ය ජාලා මගින් වාර්තා කළ පුවතට ප්‍රේක්ෂකයින් හාස්‍යය පළකර තිබුනේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්‘ කාබනික පොහොරක් වන්නේ කෙසේද යන්න විමසමිනි.
වාර්තාවන ආකාරයට ඇත්තටම වරායට ගොඩබා ඇත්තේ රතු කැට පොහොර ලෙස හඳන්වන රසායනික පොහොර තොගයකි. ඒ අනුව කාබනික පොහොර  කියමින් ගෙන්වා ඇත්තේ ඇත්තටම රසායන පොහොරයි.මෙම පොහොර තොගය මෙට්‍රික් ටොන් 30,000 කි.

‘කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්‘ ලෙස ලොව කිසි තැනක පොහොරක් අලෙවි වන්නේ නැති බව  රසායන විද්‍යාඥයින්ගේ අදහසයි. පොටෑසියම් ක්ලෝරයිඩ්වල පොටෑසියම් සහ ක්ලෝරීන් මූලද්‍රව්‍ය පවතින අතර රසායනික විද්‍යාත්මකව මේ දෙකම අකාබනිකය.
එවැනි අදහසක් නැතිව දේශපාලන අදහස් මත විද්‍යාත්මක කාරණා වෙනස්කරන්නට යාමේ නොදැනුවත් දෝෂයක් මෙහිදී සිදුව තිබුණි.

අවසානයේ කාබනික යයි කියමින් ගෙන්වා ඇත්තේ රසායනික පොහොර බවද මෙම දෝෂය නිසා එළිවිණි.
මාධ්‍ය ලේකම්වරයාගේ නිවේදනය හා සංශෝධනය වූ ෆේස්බුක් පෝස්ටු පහතින්

Leave a Reply