ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

October 13, 2021 at 10:40 am | lanka C news

ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

ඇති වී තිබෙන පොහොර ගැටලුව ගැන සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු හතළිහක් පමණ අත්සන් කර ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලා සිටි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රසායනික පොහොර නැතිව කාබනික පොහොර සමග ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් අද වන විට ගොවියාට ගැටලුවක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ නිසා පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට නිහඬව සිටීමට නොහැකි බවත් ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් ජනතා ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිගෙන් වෙලාවක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

පසුපෙළ මන්ත්‍රීවරු හතලිස් දෙනකු පමණ අත්සන් කර ලිපියක් ජනාධිපති යොමු කළ බවත් පැවසූ ඔහු නමුත් එමගින් රසායනික පොහොර මෙරටට ගෙන්වීමක් අදහස් නොකරන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

0 views

Leave a Reply