මුලතිව්හි පිපිරීමක්…

July 28, 2021 at 2:20 am | lanka C news

මුලතිව්හි පිපිරීමක්…

මුලතිව් පොලිස් වසමේ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක 27 දින සිදු වූ පිපිරීමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංදි පුද්ගලයෙකු දර කැපීමටයැයි පවසා අසල රක්ෂිතයට ගොස් ඇති අතර එහිදී පොළවෙන් මතුවී තිබූ බෝම්බයක් හෝ යම් පුපුරණද්‍රව්‍යක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලතික පරික්ෂණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය පැවසීය.

පිපිරීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී තවත් බෝම්බ බව සැකකෙරෙන කොටස් කිහිපයක් මෙන්ම කැඩී ගිය පොරවක්ද තිබී සොයාගෙන ඇත.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වලදමා තිබූ බෝම්බ පොළවෙන් උඩට මතුව තිබීම හේතුවෙන් එවා ගොඩට ගැනීමට යාමේදී කිසියම් බෝම්බයක් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

කෙසේ වෙතත් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට මාරුකොට යවා ඇති බවටද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

Leave a Reply