දියවන්නා ඔයේ මිනිස් මල සිරුරක් කිඹුලෙක් ඇදගෙන යයි..

October 10, 2021 at 11:20 am | lanka C news

කිඹුලකු විසින් පුද්ගලයෙකුගේ මළ සිරුරක් දියවන්නා ඔයේ ඇදගෙන යන දර්ශන ජංගම දුරකථනයක පටිගත වී තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේ දී මෙම සිදුවීම ඊයේ පස්වරුවේ සිදුව තිබිණි.

සිද්ධිය පටිගත කළ පුද්ගලයා පවසන්නේ කිඹුලා මළ සිරුර කිඹුලාවල පාලම යට දිය අතහැර දමා ගිය බවයි.

පසුව නාවික හමුදාව විසින් මෙම මළ සිරුර ගොඩගෙන මහේස්ත්‍රාත් පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක පමණ අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නැත.

[embedded content]

0 views

Leave a Reply