සියදිවි බේරාදුන් වනජීවි නිලධාරියාගේ පපුව මතදි අවසන් හුස්ම හෙළූ කඳුකර ගෝරිල්ලා

congo-s-selfie-famous-mountain-gorilla-ndakasi-dies

වයස මාස 2ක ගෝරිල්ලා පැටියකුව සිටියදී සිය ජීවිතය බේරාගත් වනජීවී නිලධාරියාගේ ශරීරය මත හිද වසර 14කට පසුව සිය අවසන් හුස්ම හෙළූ කඳුකර ගෝරිල්ලා සත්වයකු පිළිබද පුවතක් පසුගියදා කොංගෝවෙන් වාර්තා විය.
එන්ඩකාසි නමින් හැදින්වෙන මෙම සත්වයා ගැහැනු ගෝරිල්ලාවෙකි. 2007 වසරේදී වනජීවී නිලධාරී ආන්ද්‍රේ බයුමා ඇතුළු කණ්ඩායම වෙත ඇය හමුවනවිට වයස මාස 2ක් පමණ වූ බව සදහන් වෙයි. දඩයක්කරුවන් අතින් සිය මිය ගිය මවගේ සිරුර අසල සිටියදී එම කණ්ඩායටම ඇය හමුවී තිබේ.

අනතුරුව ඔවුන් මෙම පැටවා එරට විරුන්ගා ජාතික  වනෝද්‍යානය වෙත රැගෙනවිත්, එහිදී ඉතාමත් හොදින් රැකබලා ගෙන ඇත. ගෙවුණු වසර 14ක කාලය තුළදී ඇය මෙම වනෝද්‍යානයේ පිරිස් සමග ඉතාමත් සමීපව ජීවත්ව සිට ඇත. දැනට වසරකට පමණ පෙරාතුව වනජීවී නිලධාරියකුවන මැතිව් ෂමාවු සමග සෙලීෆි ඡායාරූපයකට පෙනී සිටිමින්ද ඇය ලොවපුරා වඩාත් ප්‍රසිද්ධියට පත්වූවාය.

කෙසේ වෙතත් ආසන්න දින කිහිපයේදී න්ඩකාසි තුළ හටගත් යම් රෝගී තත්වයක් හේතුවෙන් දිනෙන් දින ඇය දුර්වලවීමට පටන්ගෙන තිබේ. එම දින සිඟිපයේදී බහුමාද ඇය බේරාගැනීම සඳහා බොහෝ උත්සාහයන්ගෙන තිබේ. එහෙත් තමන්ගේ ජීවිතයේ අවසන් කාලය ළගා වී ඇති බව තේරුම් ගත් න්ඩකාසි සියදිවි බේරාගත් වනජීවි නිලධාරියාගේශරීරව මත සිය හිස තබමින් ඔහු ළගට වී සිය අවසන් හුස්ම හෙළා ඇත.

“එන්ඩකාසි කියන්නේ ඉතාමත් සුන්දර වගේම බුද්ධිමත් සතෙක්. මනුෂ්‍යයෙක් සහ වානරයන් අතර සබඳතාව ඉතාමත් හොදින් තේරුම් ගන්න ඇය මට උදවු වුණා. ඒ වගේම අපි ඔවුන් ආරක්ෂා කළ යුත්තේ ඇයි කියන දේ ඇය මට තේරුම් කළා. ඇය මගේ මිතුරියක වීම ගැන මට ගොඩක් ආඩම්බරයි. ඇය කුඩා කාලයේ සිටම මම ඇයට ආදරය කළා. ඇගේ සෑම ක්‍රියාවම මගේ මුවගට සිනහවක් ගෙනාවා.” බහුමා පවසා සිටියි.

Leave a Reply