ලොව පළමු මැලේරියා එන්නතට WHO අනුමැතිය

මැලේරියාවට එරෙහිව නිපදවා ඇති ලොව පළමු සහ එකම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. ‘RTS,S/AS01′ යන නමින් නම් කළ මෙම එන්නත නිපදවා ඇත්තේ බ්‍රිතානයේ ග්ලැසෝස්මිත්ක්ලයින්  හෙවත්  ‘ජී.එස්.කේ’ ඖෂධ නිෂ්පාදන සමාගමය.  බ්‍රිතාන්‍යයේ ‘ජී.එස්.කේ” ඖෂධ නිෂ්පාදන සමාගම, 
ෙම එන්නත නිපදවීම ආරම්භ කර ඇත්තේ අද ඊයේ නොව, 1987 වසරේදීය. දීර්ඝ කාලයක් තිස්සේ සායනික පර්යේෂණ රැසකට එන්නත යොමු කර එහි සාර්ථකත්වය විමසා බැලුණී. ‘ඇමොක්සිලින් ඇතුළු ලොව වැඩියෙන් භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් නිපදවන්නේ ‘ජී.එස්.කේ” ඖෂධ නිෂ්පාදන සමාගමය. මෙහි මූලස්ථානය ඇත්තේ ලන්ඩන් නුවරය. මැලේරියාව යනු වාහකයකු මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර, ඊට මුල් වන්නේ ප්‍රොටොසෝවා (ඒක සෛලික ජීවියෙක්) පරපෝෂිතයෙකි. මදුරු දෂ්ටනයෙන් පසු මැලේරියා පරපෝෂිතයන් මනුෂ්‍ය සිරුරට ඇතුළු වෙයි.

මැලේරියා පරපෝෂිත විශේෂ 5 ක් හඳුනාගෙන ඇති අතර,  එයින් මාරක විශේෂය වන්නේ “ප්ලාස්මෝඩියම් ෆැල්සිපරම්” ය. RTS,S/AS01 එන්නත මෙම විශේෂයට එරෙහිව සාර්ථකව සටන් කරයි. මැලේරියා පරපෝෂිතයන් පරිවහණය කරනු ලබන්නේ ගැහැනු ඇනෝපිලස් මදුරුවාය. මැලේරියාවෙන් වසරකට ලක්ෂ 4 ක් මියයති. වැඩි වශයෙන්  මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ අප්‍රිකා මහද්වීපයේය. මැලේරියා මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා රටවල් හයකිනි. එයින් ද වැඩිම මැලේරියා මරණ වාර්තා වන්නේ නයිජීරියාවෙනි. උණ, හිසරදය, හන්දි වේඳනාව,  අධික දහඩිය ආදිය මැලේරිියා වයිරසයේ රෝග ලක්ෂණ වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, සෑම මිනිත්තුවකටම අප්‍රිකාවේ දරුවකු මැලේරියාවෙන් මියයයි.

2019 දී නියමු ව්‍යාපෘතියක් යටතේ,

RTS,S/ AS01 එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඝානා, කෙන්යා සහ මලාවි යන අප්‍රිකා රටවල වැසියන්ට ලබා දුන්නේය. එම ව්‍යාපෘතියේ වාර්තා අනුව, එන්නත ආරක්ෂිත බවත්, මැලේරියාව අඩපණ කරන බවත් තහවුරු කෙරුණි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එන්නත නිර්දේශ කළේය. ‘ලොව පළමු මැලේරිියා එන්නත වන RTS,S/AS01 එන්නත මහා පරිමාණයෙන් භාවිතයට සුදුසු බව අප නිර්දේශ කරනවා. මැලේරියාවට එරෙහි සටන ජය ගැනීමට මෙම එන්නතට හැකිවීයැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙන්ඩ්‍රොස්  ගැබ්‍රියෙසිස් ඊයේ (7) ජීනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය. මේ වනවිට වයිරස සහ බැක්ටීරියා ආසාදන සඳහා එන්නත් නිපදවා ඇති අතර ඒවාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. කෙසේ නමුත් මිනිසාට හානි කරන පරපෝෂිතයකු වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතක් අනුමත කළ පළමු අවස්ථාව මෙය යැයි විදෙස්  මාධ්‍ය පැහැදිලි කර තිබේ.

Leave a Reply