අඹන්පොළ ග්‍රාම නිලධාරී ඝාතකයා අත්අඩංගුවට තවත් ඝාතනයකට සැලසුම් කරලා

ambanpola-murder-update

ආන්දෝලනයට තුඩුදුන් අඹන්පොළ ග්‍රාම නිලධාරි ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු ඊයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව අඹන්පොල ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කර තිබූ අතර ඔහු පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ හසුවූයේ රුපියල් හැත්තෑදහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත අඹන්පොල ග්‍රාම නිලධාරිවරයා කපා කොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියේ ප්‍රධානියාය.
අත්අඩංගුවට ගත් අය ඔහුගේ බිරිඳගේ අනියම් සැමියාගේ කකුල් කපා වෙන්කර ඔහු ඝාතනය කිරීම සඳහා ද සැලසුමක් යොදා තිබූ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කරනු ලැබුවේ හික්කඩුව ප්‍රදේශයේ පාතාල කල්ලියක් උදව් කරගෙන බව අනාවරණය කර තිබේ.

එම කල්ලියට නායකත්වය දුන් පාතාල සාමාජිකයා පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු අඹන්පොල පොලිසියේ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි.
ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලකට එක් පාර්ශ්වයකට සහාය වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය.

 
ඉකුත් 04 වැනිදා උදෑසන ග්‍රාම නිලධාරිවරයා සිය රාජකාරි සඳහා යමින් සිටියදී මඟ රැකසිටි මෙම පාතාල කල්ලිය ඔහුට පහර දී කපා කොටා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Leave a Reply