තිරු නඩේෂන් ප‍්‍රශ්න කරන්න කැදවයි..

October 7, 2021 at 10:00 am | lanka C news

තිරු නඩේෂන් ප‍්‍රශ්න කරන්න කැදවයි..

හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් හෙට දිනයේ කැඳවා තිබේ.

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙසේ ඔහු කැඳවා ඇත.

අදාල හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කර තමනට මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම්දීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

තිරුකුමාර් නඩේෂන් මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ අදාළ පත්‍රිකා වන්හි තමා හා තම බිරිඳගෙ නම සඳහන් වී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට ස්වාධීන පරීක්ෂකයෙකු පත් කරන ලෙසයි.

0 views

Leave a Reply