NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..

September 16, 2021 at 3:50 pm | lanka C news

NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් ‘ගවන්මන්ට් ක්ලවුඩ්හි’ තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ වී තිබෙන ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත මෙන්ම ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් අතිවිශාල ගණනක සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මකා දැමුවේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළි නොවූ අභිරහසකි.

මේ පිටුපස අදිසි හස්තයක් සිටින බව දැන් දැන් අනාවරණය වෙමින් තිබෙන අතර ඔහු දේශපාලන බලවතෙකු බවද පැවසේ.

විපක්ෂයේ ප්‍රබලයෙකු වන මේ චරිතය කලක් ආණ්ඩුවට එක්වීමට තැත් දැරූ නමුත් එම උත්සහය අසාර්ථක වූ නිසා ආණ්ඩුවේ ප්‍රබලයන් සමග අමනාපයෙන් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙරටට අතවශ්‍ය ඖෂධ ගෙන්වීමට ඩොලර් පවා නැති බව ඔහු කලක් පැවසු බවත් ඔහ පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත  මකාදැමීම සිදුවුණු බවත්  දේශපාලන ආරංචි මාර්ග පවසයි.

0 views

Leave a Reply