ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

September 16, 2021 at 2:10 pm | lanka C news

ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම පැමිණිල්ල කර ඇත.

අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට ඇතුළු වී එක් බන්ධනාගාරයක සිරකරුවන්ටත් තර්ජනය කර ඇති බවත් එනිසා ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද එම සංවිධානය කියා සිටී.

අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත්තේ ගිනි අවියක් සහිතව බවත් සිරකරුවන් කිහිප දෙනෙකුට තර්ජනය කර ඇති බවත් වැලිකඩ බන්ධනාගාරයට මිතුරන් කිහිප දෙනෙකු සමග බීමතින් ගොස් තිබෙන බවත් ඔවුන් චෝදනා කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දැන් ඔවුන් පවසයි.

0 views

Leave a Reply