‘ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..

September 16, 2021 at 10:00 am | lanka C news

‘ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..

කටුනායක ගුවන් තොටුපළට යන ප්‍රහාරයක් එල්ල කරන්නේ ඇයි ලැබුණු විද්‍යුත් ලිපියක් හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.

අදාල ඊමේල් පණිවිඩය ගුවන්තොටුපලේ නිල වෙබ් ලිපිනය වෙත යොමු කරමින් සඳහන් කර තිබුණේ එළැඹෙන විසි වෙනිදා ගුවන්තොටුපළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවයි.

එසේ නොකරන්නට නම් සිව්දෙනෙකු නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබිණි.

මෙම පණිවිඩය මෙරටට යොමුකර ඇත්තේ බංග්ලාදේශ හමුදාවට අයත් ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ මගින් බවද හෙළිවී තිබේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය මත කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇති අතර හදිසි අවස්ථාව සම්බන්ධයෙන් පෙරහුරු ද ක්‍රියාත්මක කර තිබේ.

288 views

Leave a Reply