ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..- බන්ධනාගාර කොමසාරිස්

September 15, 2021 at 10:02 pm | lanka C news

ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..- බන්ධනාගාර කොමසාරිස්

ඕනෑම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

අදාල දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා තම කාර්ය මණ්ඩලය පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිර දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ මහතා බන්ධනාගාර කලමණාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

0 views

Leave a Reply