කබ්රාල් පත්වීම භාරගනී හිස් වූ මන්ත්‍රී ධූරයට කැටගොඩ

cabral-jayantha-ketagoda

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත්වීමේ ලිපිය භාර ගත් අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

ප්‍රවීණ වරලත් ගණකාධිවරයකු වන කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් බහ බැංකු අධිපති ධුරය ද හොබවා තිබේ.

තනතුර භාර ගැනීම සඳහා පසුගිය දා කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුව සඳහා නම් කෙරුණේ ජයන්ත කැටගොඩ මහතායි.

ජයන්ත කැටගොඩ මහතා වර්තමාන ආණ්ඩුව ආරම්භයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට මීට මාසයකට පමණ පෙර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. 

Leave a Reply