නියෝජ්‍ය පොලිස්පති ඌරු මස් මදි වී පොලිස් කොස්තාපල්ට අමානුෂිකව පහර දීලා.. අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

September 15, 2021 at 11:20 am | lanka C news

නියෝජ්‍ය පොලිස්පති ඌරු මස් මදි වී පොලිස් කොස්තාපල්ට අමානුෂිකව පහර දීලා.. අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

ඌරු මස් මදි යයි පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නුවරඑළියේ පොලිස් සංචාර බංගලාවකදී මෙම සිදුවීම සිදුව ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක් මත නීතිපති විසින් මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට කිසිම බංගලාවට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.

0 views

Leave a Reply