යතුරුපැදියෙ ගිය ගුරුවරයා නාවික හමුදා බසයෙ ගැටි මරුට

teacher-dies-accident

යාපනය – නුවර ඒ නවය මාර්ගයේ වවුනියාවට ඊරට්ටපෙරියකුලම තැපැල් කාර්යාලය අසලදී නාවික හමුදාවට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයකු 06 දා මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම  පොලිසිය පවසයි. 
පූනෑව නාවික හමුදා කඳවුරේ සිට යාපනය දක්වා නාවික සෙබළුන් රැගත් බස්රථය යතුරුපැදියේ ගැටී ඇතැයිද පොලිසිය පැවැසීය. එලෙස අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව, ඊරට්ටපෙරියකුලම පදිංචි අනුෂ්ක ලක්මාල් (28) නමැති ගුරුවරයකු බව පොලිසිය පැවැසීය.  පොලිසිය පැවැසූයේ යතුරුපැදිය එකවර මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී බස්රථයේ ගැටී අනතුර සිදුව ඇති බවත්ය.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයිද කීය. මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය  සිදුකිරීමට නියමිතව තිබුණි. මෙම  අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වවුනියාව ඊරට්ටපෙරියකුලම රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

  -සිතුම් චතුරංග- 

Leave a Reply