ඇෆ්ගනිස්තානයේ විශ්වවිද්‍යාල තුල එකම දේශනය ගෑනු පිරිමි වෙන්කර උගන්වනවලු

The only lecture in the universities of Afghanistan is between men and women

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි විශ්වවිද්‍යාල පසුගියදා සිය අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගත් බව වාර්තා වෙයි. ඒ බලය තලේබාන් සංවිධානය යටතට පත්වීමෙන් දින කිහිපයකට පසුව මෙම අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ වී ඇත. කෙසේ වෙතත් මෙම විශ්වවිද්‍යාල තුළ ඉගෙන ගන්නා සිසුන්ට පෙරදීමෙන් නිදහසක් හිමි නොවන බව වාර්තා පවසයි. 
විශේෂයෙන්ම සිසුවියන් සදහා දැනටමත් යම් යම් සීමා කිරිම් පැනවී තිබෙන බව සඳහන් වෙන්වෙයි. මේ හේතුවෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් තවමත් ඒ වෙත පැමිණීමට මැලිකමක් දක්වන බවත් පැවසෙයි.මේ අතර පසුගියදා අධ්‍යයන කටයුතු ආරම්භ කළ විශ්වවිද්‍යාලයක පත්ති කාමරයකදී ලබාගත් ඡායාරූපයක සටහන්ව ඇති ආකාරයට එහි ඉගෙන ගන්නා සිසුන් සහ සිසුවියන් තිරයකින් වෙන් කිරිමක් සිදුකර තිබෙනු දැකගත හැකිය.

මෙම ඡායාරූපය ඊයේ දිනය වනවිට සමාජ මාධ්‍ය තුළ ඉතාමත් වේගයෙන් සංසරණය වෙමින් පැවතුණි තලේබාන් අධ්‍යාපන බලධාරීන්පසුගිය ඉරිදා දිනයේදී අධ්‍යාපනික ආයතන තුළ පවත්වාගෙන යායුතු පිළිවෙත් සම්බන්ධ උපදෙස්  ලේඛනයක් නිකුත් කර තිබේ. එහිදී සිසුන් 15 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටින පන්ති කාමරයකදී සිසුන් සඟ සිසුවියන් වෙන් කරමින් තිරක් දැමිය යුතු බව නිර්දේශ කර ඇත. එසේම කාන්තාවන්ට මෙම පක්ති කාමර සඳහා ඇතුඵවිය හැක්කේ අබායා හෝ නිකායි නම් සම්පූර්ණ ඇගම වැසෙන ඇඳුමක් ඇඳ ඇත්නම් පමණක් බවට එහි සඳහන්ව ඇත.

Leave a Reply