කොළඹ කුරුඳුවත්තේ බැංකුවක් ඉදිරිපිට පුද්ගලයෙකු ගිනිතබාගෙන

kurunduwatte-fire-man

 ඊයේ (7 දා) සවස කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී පුද්ගලයකු සිය සිරුරට ගිනි තබා ගැනීමේ සිද්ධියක් වාර්තා විය. පිළිස්සීමෙන් බරපතල තුවාල ලද මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද අතර තත්වය අයහපත් බව රෝහල් ආරංචි හෙළි කරයි.

මෙම පුද්ගලයා කාගේ කවුදැයි හෝ කවර කරුණක් නිසා ගිනිතබාගත්තේදැයි තවම හෙලිදරව්වී නැත.
 පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට කටයුතු කරන බව කුඳුරුවත්ත පොලිසිය දන්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Leave a Reply