කළුතර පයාගල මළගෙදර ආ 54කට කොරෝනා

payagala-covid19

පයාගල පොලිස් බල ප්‍රදේශයේ හොරගස්කැලේ ග්‍රාම නිලධාරි වසමේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි
වූ හැටතුන්දෙනකු (63) සඳහා සිදුකළ ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී ඉන් පනස්හතරක් (54)
කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ එම ග්‍රාම නිලධාරි වසම වහාම හුදෙකලා කිරීමට
කටයුතු කරන ලෙස ජාතික කොවිඩ් කාර්ය සාධක බළකායෙන් ඉල්ලීමක් කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය
විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.පී. සිංහබාහු මහතා ඊයේ(21දා)
පැවසීය.

හඳුනාගත් ආසාදිතයන් රෝහල් ගතකිරීමටත් අනෙකුත් ආශි්‍රතයන් නිරෝධායනයට ලක් කිරීමටත් මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරු කටයුතු කළ අතර කොවිඩ් ආසාදිත නොවූ පුද්ගලයන් දසදෙනා එන්නත ලබාගත් පුද්ගලයන් වීම
විශේෂ සිද්ධියකි.

මේ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මුල්ලපිටිය ග්‍රාම නිලධාරි වසමේ කොවිඩ්
වසංගතය ඉතා වේගයෙන් පැතිර යන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත.

කොවිඩ් ආසාදිතයන් 50 දෙනකු පමණ මුල්ලපිටිය ග්‍රාම නිලධාරි වසමෙන් මේ වන විට සොයාගෙන ඇත.

අලුත්ගම -කේ.ඩී. පවුලිස්

Leave a Reply