ඇප් වලින් නිල් ක්ලිප් විකුණා හසුවූ සිනමා නිළි ශිල්පාගේ සැමියා වංචා රැසක මහමොළකරුවෙක්

the-adult-film-racket-in-which-businessman-raj-kundra-has-been-arrested

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්රා අසභ්‍ය වීඩියෝ අලෙවිය සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර හෙට (23) සිකුරාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය කොරෝනා වසංගත කාලයේ ඉන්දියාවෙහි ජනප්‍රියව පැවති ජංගම දුරකථන යෙදවුම් (ඇප්) දෙක තුනක් ඔස්සේ මුදල් ගෙවා නැරඹිය හැකි ක්‍රමයට ඔහු නවක නිළියන්ගේ නිරුවත අලෙවි කරන ලද බව චෝදනාවයි.Jaldi Live Stream එම ඇප් වලින් ජනප්‍රිය වූ එකයි.
මෙම ඇප් නිර්මාණය කර ඇත්තේ රාජ් කුන්ද්‍රාට අයත් සමාගමක් වීම හා එම අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනයට ඔහු අනුබල දෙමින් අදාළ අයට යැවූ වට්ස් ඇප් පණිවිඩ සාක්ෂි ලෙස සොයාගැනීමට පොලිසිය සමත්වීමෙන් පසු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. එක් ඇප් එකක් භාරව සිට ඇත්තේ කුන්ද්‍රාගේ ඥාති පුතෙකුගේ සමාගමකටය.

මෙම ඇප් වලට යොදාගත් කාන්තාවන්ගේ නිරුවත්  වීඩියෝ කොටස් ඔහු ලබාගෙන තිබෙන්නේ කාන්තාවන්ට සිනමාවට පිවිසීමට අවස්ථා විවර කර දෙන බව පවසමින් ‘ඔඩිෂන්‘ලෙසය.
එනම් රංගන අවස්ථාව සලකා බැලීමේ සාම්පල රඟපෑම් සිදු කරන ලෙස කියමිනි. ඒ නිසා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ඒවා අලෙවි කර ඇති බවට එම කාන්තාවන් තිදෙනෙකු මේ දක්වා ඉදිරිපත්වී පොලිසියට ප්‍රකාශ ලබාදී ඇති අතර කුන්ද්‍රා, ඥාති පුතා,තවත් නළුවන් දෙන්නෙකු,ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක, කැමරා ශිල්පිණියක ඇතුළු 6 දෙනෙකු මෙම සංසිද්ධිය නිසා අත්අඩංගුවට පත්ව ඇත.
මාද් නමැති ගම්මානයක කුලියට ගන්නා ලද නිවසක රූපගත කිරීම් සිදු කරමින් සිටිය දී පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මුල්ම වැටලීම සිදු කර තිබිණි.
රාජ් කුන්ද්‍රා ඉන්දියාවේ පන්ජාබ්හි සිට එංගලන්තයට සංක්‍රමණය වූ පවුලක උපන්නෙකි. එරටදී ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කළේය. පියා ලන්ඩනයේ බස් රථ රියදුරෙකි. මව සාප්පු සහායිකාවකි. සුළු ව්‍යාපාර කිහිපයකින් වැඩ ඇරඹූ රාජ් වයස 18 සිට විලාසිතා කර්මාන්තයට අතපෙවීය. සිනමා කර්මාන්තයට යටිතල පහසුකම් සපයන ව්‍යාපාර හා වානේ කර්මාන්තයට ඔහු උනන්දුවිය. 2007 ඔහු නේපාලයේ හා ඩුබායිහි ශාඛා අරඹමින් ව්‍යාපාර පුළුල් කළේය.
රාජ් කුන්ද්‍රා මීට ඉහත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals කන්ඩායම වෙනුවෙන් මුදල් යෙදවූ අතර 2009 වසරේ ඔහු යෙදූ මුදල් සම්බන්ධයෙන් විශුද්ධිකරණ චෝදනා යටතේ උසාවි යාමට සිදුවිය. අනතුරුව 2013 රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ තරග පාවාදීමේ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණයේ සාක්ෂි ලබාදීමටද ගියේය.

ඔහු බිට් කොයින් මුදල් ඒකක වංචා සහගත වෙන්දේසි කිරීම් සම්බන්ධයෙන් 2018 අධිකරණයට යොමුවූ අයෙකි.
රාජ් කුන්ද්‍රා ශිල්පා ෂෙට්ටිව විවාහ කරගත්තේ 2009 දීය. මෙය ඔහුගේ දෙවන කසාදයයි. ඔහුට මීට ඉහත කසාදයෙන් දරුවකුද මෙම විවාහයෙන් දරු දෙන්නෙකුද සිටී.
රාජ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ශිල්පා ඒ ගැන ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඇය මේ දිනවල සම්බන්ධවී සිටින ‘සුපර් ඩාන්සර් චැප්ටර් 4 ‘ රියලිටි වැඩසටහනේ රූගත කිරීම් වලට නොපැමිණි බවත් නිවසට වී දරුවන් සමග සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

Leave a Reply