චන්දිමාල් සිය නිවෙස් තුනෙන් එකක් රන්ජන්ට ‌ලබාදෙනවලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබෙන අතර මේ හේතුවෙන් දැනට සිරගතවී සිටින රන්ජන් නැවත අසරණභාවයට පත්ව ඇත.වෙනත් නිවසක් නැති රන්ජන්ගේ බඩුභාණ්ඩ තබාගැනීමට හෝ නිවසේ සිටි සේවකයින්ට නැවතී සිටීමට තැනක් නැතිව ගොස් තිබේ.

 මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ ඔහුට නිවසක් ප්‍රදානය කිරීමට මෙරට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීයෙකු හා රන්ජන්ගේ හිතවතෙකු වන චන්දිමාල් ජයසිංහ ඉදිරිපත්ව ඇත.
තමා සතු නිවස් තුනෙන් එකක්  බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා හට ලබාදීමට තමා කටයුතු කරන බව
සිය ෆේස්බුක් පිටුවේ live වීඩියෝවක් තබමින් ඔහු සඳහන් කර සිටියේය.
 කිනම් දිනක හෝ ඔහු නිදහස් වී පැමිණීමේ දී ඒහි වාසයට සුදුසු ලෙස සකස් කර දෙන බවත් මිත්‍රයෙකු වශයෙන් මානුෂීය ගුණයෙන් යුතුව කටයුතු කිරීමක් ලෙස මෙම තිරණය ගත් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.
 

Leave a Reply