මෙගන් හැරී ත්‍රිමාන සිනමාපටයක් නිෂ්පාදනය කරන්න සූදානමින්

megan-harry-film

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ බිරිද වන මේගන් මර්කල් Netflix සදහා ත්‍රිමාන සජීවීකරණ කාටුන් චිත්‍රපටයක් නිෂ්පාදනයට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රකට හොලිවුඩ් නිලියක වන මෙගන් මාර්කල් රජ කුමරා සමග විවාහ වීමෙන් පසු ඔහුව බ්‍රිතාන්‍ය රජ පවුලෙන් වෙන් කරගෙන ඇමරිකාවේ පදිංචියට ගිය අතර නව ආදායම් උත්පාදන මාර්ග කෙරෙහි සැලකිලිමත්විය.

එම දෙපළට අයත් Archwell Productions සමාගම හරහා මෙම නිෂ්පාදනය සිදුකෙරෙන බව පැවසෙයි. වසර කිහිපයක් සඳහා දැනටමත් Netflix සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙන මෙම සමාගම  මීට පෙර Heart of Invictus නමින් වාර්තා වැඩසටහනක්ද නිපදවා තිබුණි.
තොරතුරු අනුව මෙම සජීවීකරණ කාටුන් නිර්මාණය Pearl ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 12ක දැරියකගේ අභියෝගාත්මක චාරිකාවක් මෙම නිර්මාණයේ තේමාව වී තිබේ. “මේ වයසේ පසුවන බොහෝ දැරියන් වගේ අපේ මේ පර්ල් සිනමා පටයේ ඉන්න වීරවරියත් තමන්ගේ එදිනෙදා ජිවිතයේ අභියෝග ජයගන්න තමන්ම සොයාගන්නා මාර්ගයක ගමන් කරනවා.” යනුවෙන් මේගන් මර්කල් මෙහිදී සඳහන් කර ඇත.
මින් පෙර නිපදවූ ඔවුනගේ වාර්තා චිත්‍රපටයේ ඇතැම් අවස්ථා සදහා හැරී කුමරුද පෙනී සිටියේය.

Leave a Reply