ඡන්ද නීති වෙනසකට පක්ෂ 11කින් යෝජනා

election-change

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15දා) දිනයෙන් අවසන් වූ අතර ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ  11ක් යෝජනා හා අදහස් ඉදිරිපත් කර තිබේ.    මේ අතර මෙම විශේෂ කාරක සභාවට ලැබෙන යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ කමිටුවට, පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ පක්ෂ විසින් විද්වතුන් යෝජනා කිරීම පෙරේදා (14දා) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව සමගි ජන බලවේගය,

ජාතික ජන බලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානය සිය නම් ඉදිරිපත් කළහ.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන  ආයතනවල දැනට ක්‍රියාත්මක වන  සමානුපාතික හා කොට්ඨාස ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර ඡන්ද ක්‍රමයේ දුර්වලතා නිවැරදි කර එම ක්‍රමයම අනෙකුත් මැතිවරණ සඳහා යොදාගන්නේද  නැතහොත් වෙනත් ඡන්ද ක්‍රමයක් රටට  හඳුන්වා දෙන්නේද යන්න පිළිබඳවද පෙරේදා පැවැති මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. 2021 මැයි 17වැනිදා මෙම කාරක සභාවේ පළමු රැස්වීම පැවැති අතර කටුව, ඔවුන්  විසින් මාස 06කින් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබේ. මේ අතර කාරක සභාව නැවත 2021 ජුලි 28වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට  නියමිත බවද එම කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්යමණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

 දිනේෂ් සමරකෝන්

Leave a Reply