යාපනයේ නිවසකට කඩු කල්ලි ප්‍රහාරයක්… අඹුසැමියනට බරපතලයි..

July 22, 2021 at 2:30 am | lanka C news

යාපනයේ නිවසකට කඩු කල්ලි ප්‍රහාරයක්… අඹුසැමියනට බරපතලයි..

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට 20 රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව රෝහලගත කොට ඇතැයි පොලීසිය පවසයි.

ඉනුවිල් ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් මුහුණු ආවරනය කොට තියුණු ආයුධ සමගින් පැමිණි දෙදෙනෙකු විසින් මෙලෙස පහරදීම හේතුවෙන් නිවසේ සිටි සැමියා සහ බිරිඳ බරපතල කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙලෙස පහරදෙන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම පහරදීම සිදුකරන ලද පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

Leave a Reply