කොරෝනා සියළු ප‍්‍රබේද ලංකාවේ.. නිවැරදි වාර්තා නෑ.. මරණ ගණන බොහෝ ඉහල යාවි..

July 21, 2021 at 11:20 am | lanka C news

කොරෝනා සියළු ප‍්‍රබේද ලංකාවේ.. නිවැරදි වාර්තා නෑ.. මරණ ගණන බොහෝ ඉහල යාවි..

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කොරොනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ දැන් තිබිය හැකි බව බලධාරීන් ප්‍රකාශ කළ ද වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදිව දත්ත සපයා නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සංඛ්‍යාව වැඩියෙන් සිදුහැකි බවද සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියි.

අද පවතින්නේ කොරෝනා රැල්ල ඉහල පහල යෑමක් මිස විද්‍යාත්මක පාලනයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබෙන හේතුවෙන් ඉදිරියේ දී ජනතාව කුමන තත්වයකට මුහුණදීමට සිදුවේ දැයි අවිනිශ්චිත යයිද ලේකම්වරයා පැවසීය.

මෙවන් වසංගතයක් පාලනයේ දී මූලිකත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට වුවද ලංකාවේ තීරණ ගනු ලබන්නේ දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් මත වීම බරපතළ ගැටලුවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

0 views

Leave a Reply