ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම සම්බන්ධව වගකිවය යුත්තේ වැරදි උපදෙස් ලබා දුන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු නොව එම වැරදි උපදෙස් මත රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ආගමන විගමන නිලධාාරීන් බැවින් සිද්ධියට වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අද (22) පැවසීය.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ අදාළ චීන ජාතිකයා අද(22) අමාත්‍යාංශයට කැඳවා චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.
ආගමන විගමන නිලධාරීන් එම ගුවන් ගමන් බලපත්‍රය ව්‍යජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දාය. මෙම චීන ජාතිකයා ඉදිරිපත් කර තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ගිනියා රාජ්‍යයේ ගුවන් බලප්‍රයක් බව ගුවන්තොටුපල නිලධාරීහු අනාවරණය කරගත්හ.
මේ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් තිදෙනා කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය.
එහිදි ආගමන විගමන නිලධාරීන් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර , රටින් පිටුවහල් කිරීම සඳහා එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත , යොමු කර තිබුණි .
එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබුණේය. ඒ අතර මෙම පුද්ගලයින් ගුවන්තොටුපල නිලධාරීන්ට අල්ලස් දීමට ද තැත් කර තිබූ බව ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ .
ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා 05/20 දින අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර කළේය.
කෙසේ වෙතත්, ආගමන හා විගමන නිලධාරීන් වැරදි උපදෙස් මත ක්‍රියා නොකළ යුතු බැවින් මගියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍ය අලස් මහතා පැවසීය.