තමන් විසින් දේව මෙහෙයකදී කියා සිටියේ සත්‍ය දේව වචනය බවත් ඒ කිසි විටෙක වෛරී සහගත ප්‍රකාශයක් නොවන බවත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සඳහන් කරයි.
එම සත්‍යය පැවසීම තුළින් බෞද්ධ හා අනෙකුත් ආගමිකයන්ගේ සිත් රිදවීමක් සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් පමණක් තමන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
නමුත් සත්‍ය පැවතීම පිළිබඳ කිසි විටෙකත් තමන් සමාව ගැනීමක් නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ නුගේගොඩ මිරිහානේදී පැවැති දේව මෙහෙයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
තමන් නැවතත් ලංකාවට පැමිණෙන බවත් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට නීතිඥවරුන් කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
“මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි”
දැනට සිංගප්පූරුවට ගොස් සිටින ජෙරම් ප්‍රනාන්දු අද දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසුවද ඔහු අද දින නොපැමිණ අන්තර්ජාලය ඔස්සේ දේව මෙහෙයකට සම්බන්ධ විය.
‘බුදුන් වහන්සේ ද සෙවුවේ යේසුස් නම් ආලෝකය’ යයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
ජනාධිපතිවරයාද නියෝගයක් නිකුත් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
අධිකරණය විසින් ඔහුට රටින් පිටවීම වාරණය කරමින් නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ වන විට ඔහු රටින් බැහැරව ගොස් තිබිණි.