

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යන විෂයයන් ලබන වසරේ සිට 6 – 9 හා 10 -13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටමට සමගාමීව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නඟා සිටුවීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ අධීක්ෂණයෙන් ආරම්භ කෙරෙන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක ජුනි මස අග දී ආරම්භ වීමට නියමිතය.