ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

අද රාත්‍රී 10:00 සිට හෙට (20) පෙරවරු 8:00 තෙක් ප්‍රදේශ කිහිපයකට  පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි

 අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ප්‍රකාශ කෙරේ.

මේ අනුව කෝට්ටේ , කඩුවෙල මහ නගරසභා ,මහරගම ,බොරලැස්ගමුව නගරසභා ප්‍රදේශ , කොළඹ 4,5,7,8 ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ලැබෙයි

Leave a Reply