

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්දයෙන් ක්‍රීඩක ලසිත් මාලිංග සිය යූටියුබ් නාලිකාව ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබේ.
‘කෙනෙක් අහල තියෙනවා කුසල් ඕපන් කරල කුසල් මෙන්ඩිස් ඕපන් කරන්න හොඳ නැද්ද කියලා ඉතිං මම දන්නෑ මොකක්ද මේ තියරි එක ටීටුවෙන්ටි ඕපන් කරන්නත් එක් දිනවල අංක තුන ස්ථානය ක්‍රීඩා කරන්නන් මේ ප්ලෑන්ස් කියන එක.
ඇත්තටම මට ඒ ගැන දැනීමක් නෑ මොකද මම හිතනවා ටීටුවෙන්ටි උපන් ගන්න පුළුවන් පිතිකරුවෙක් එක්දින තරඟ ඕපන් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ.
ධනංජය සිල්වා අංක 3 හෝ අංක හතර ස්ථානය ගෙනැල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව නැතිනම් ධනංජය ඒපන් කරල අවස්ථාව තියනවා.ඔහු දැන් වසර හයක හතර කාලයක් තුළ ක්‍රීඩා කරලා එක්ස්පීරියන්ස් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඒ ඉවසීම ඒ ඔහු ළඟ තියෙනවා.ඊළග තරඟයට අවස්තාවක් ලැබෙයිද කියලා දන්නෑ.
මොකද වෙන්නේ කියලා බලමු.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගමාලාව තුළට බිංදුවක් වෙලා කිසිවක් ජයග්‍රහණය කළේ නැති උනොත් බොහෝ වෙලාවට අපිට
ලෝක කුසලානයට සහභාගි වෙන්න qualified තරග ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා.
එහෙම උනොත් ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම් ලොකු අභියෝගයක්.. මොකද ඕනෑම වෙලාවක තරගයක් වෙනස් වෙන්න පුළුවන් කණ්ඩායම මේ තරගමාලාව පරාජයට පත් වුනොත් එම අවදානමට මුහුණ දිය යුතුයි.’
—-
‘කෙනෙක් අහල තියෙනව දසුන් තව බෝල් කරන්න ඕනෙද කියලා දසුන් කඩුලු ගත්තා. පන්දු යවන්නන් යොදා ගැනීම තම හොඳින් කරගෙන ගියා. දසුන් පහර දෙනකොට ඔහුට ලැබුණු පළමු පන්දුවෙන්ම ලොකු පහරක් එල්ල කිරීමට cover drive හරි අමාරුයි .
එතැන්දි එයාට තරගයට පෙර තමන්ගේ මනස හදා ගන්නෙ කොහොමද කියන එක හදාගන්න ඕන.’
—–
‘චාමික දසුන්ට පල්ලෙහා තිබ්බ එක ගැන අහල තියනවා. නමුත් මම හිතනවා ඒක හොදයි. ඒ තරම් හැකියාවක් නැතුව ඇති මේ වෙනකොට මොකද ඒ වගේම දසුන් වගේම චාමික ගැන බැලුවාම පිතිකරණ ලැයිස්තුවේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ අපි කරපු පිතිකරණය කරපු විදිය හා පහරවල් එල්ල කරන්න ඉක්මන් වුණු හේතුව තමයි පරාජයට හේතුවෙලා තියෙන්නේ . ‘
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News