අධිකරණ නියෝග පැහැර හැරිය පොලිස්පතිව අධිකරණයට කැඳවයි

පොලිස් අත් අඩංගුවේ පසුවන පුද්ගලයින් විවිධ විමර්ශන සඳහා පිටතට රැගෙන යන අවස්ථාවල දී අතාර්කික ලෙස මරණයට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශයක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ලබා දුන් නියෝගය පැහැර හැරීම හේතුවෙන් පොලිස්පති ඩී.සී.වික්‍රමරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරමින් පොලිස්පතිවරයාට අප්‍රේල් 03 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් වසර ගණනාවක සිට එකම පිටපතකට අනුව ඝාතනය වීම සම්බන්ධව අන්තර්ජාතික වශයෙන් ද රට අප්‍රසාදයට පත් වූ අවස්ථා වාර්තා වී තිබිණි.



Leave a Reply