පවත්නා තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසීම ප්‍රකාශිත පරිදි 2023.04.25 දින පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කරයි.
එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට අදාලව දැනට අධිකරණයේ පවත්නා නඩුකරය මගින් දී ඇති අතුරු නියෝගය අනුව ඡන්දය පැවැත්වීම කල් දැමීම පිළිබඳව නීතිමය ගැටලුවක් පවතින බැවින් කුමණ ආකාරයකට හෝ ඡන්ද විමසීම කල් නොදැමිය යුතු බවට මැතිවරණ කොමිසම සිය ස්ථාවරය ද එම නිවේදනයේ පල කර ඇත.
මින් පෙර අවස්ථා දෙකක දී ඡන්දය විමසීම සඳහා දින නියම කළ ද ඡන්දය පැවැත්වීමට අදාල ප්‍රතිපාදන නිදහස් කිරීම මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදුකළේ නැත. එසේ ඔවුන් හැසිරී තිබුණේ ඡන්දයට අදාල මුදල් ප්‍රතිපාදන නිදහස් කරන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් වී තිබියදී ය.
මැතිවරණ කොමිසම විසින් නිකුතු කළ නිවේදනය පහත දැක්වේ.