නොවැම්බරයෙන් පස්සේ ජනපතිවරණෙකට යාවි – සිරිකොතේ සිට නවීන්ගෙන් ප්‍රකාශයක්

november-president-election-naveen

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක අද(23) දින එජාප සිරිකොත මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් මෙසේය..

“දැන්ම ජනාධිපති මැතිවරණයක් තියන්ඩ බෑ කියල චරිත හේරත් හා ඩලස් අලහප්පෙරුම කියල තිබුණා. කවුද බැහැ කියන්නෙ..ඒ ඔවුන්ගේ මතය.ඒ තර්කයක් විතරයි. ඒ ගැන සොයා බලන්න පුළුවන්.
දන්න විදිහට නොවැම්බර් මාසෙන් පස්සෙ ජනපතිවරණෙකට යන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒ තීරණය ගනී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔප්ෂන් එකක් තියෙනවා ජනාධිපතිවරණයකට යන්න එතුමා ඔප්ෂන් එක ගන්නවද නැද්ද කියන එක අපි දන්නේ නෑ මගේ තීරණය තුමා දේශපාලන බිම් මට්ටම බලලා එතුමාගේ එතුමාත් සහයෝගයෙන් වැඩ කරන අනිත් දේශපාලන පක්ෂ නායකයන්ගේ මතය ලබාගෙන නොවැම්බර් මාසයේ තිබෙන මේ දේශපාලන වාතාවරනය අනුව නැත්තං මේ මේ දිගටම එන දේශපාලන වාතාවරනය බලලා ඒ තීරණය ගත යුතුයි.
එක මතයක් තමයි මහ මැතිවරණයකට යන්න දැන් තත්වය අනුව එක්සත් ජාතික පක්ෂයටත් ආසන ප්‍රමාණයක් යනවා අනිවාර්යෙන්ම මේ පාර අරන් එතකොට අපිට අපේ ෆුල් වේට් එක දාලා එන මන්ත්‍රීවරුන්ට ෆුල් සෙට් එක දාල විස්සක් වෙන්න පුළුවන් මම දන්නේ නැහැ තිහක් වෙන්න පුළුවන් දහයක් වෙන්නත් පුළුවන්.
රනිල් වික්‍රමසිංහ මහතාව මේ රටේ නැවතත් ජනාධිපති කරන්න එතකොට පොහොට්ටුවේ පක්ෂය මේ ගැන මොනවද කරන්නෙ… ඒ ඇයි රනිල් වික්‍රමසිංහ මහතාව බිල්ලට තියන්නේ මේ අනිත් කට්ටිය බේරගන්ඩ ඒ වගේ මත ගොඩක් තියෙනවා.

මම හිතන්නේ සමබරව මේ ගැන අපි හිතන්න ඕන නමුත් දේශපාලන ඉතිහාසය බැලුවොත් ජනාධිපතිවරු ව කැමති වෙලා තිබෙනවා මේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා යන්න 1994 චන්ද්‍රිකා 2005 මහින්ද රාජපක්ෂත් ඒ option එකට ගියා. පුද්ගලිකව මම කැමැතියි ඒකට මොකද අපිට ත්‍රිකෝණාකාර සටනක් පැහැදිලිව තිබුණා කර සටනක් එතකොට 50% ක් කාටවත් ගන්ඩ බැරි අවස්ථාවක අපිට විශාල ම දේශපාලන බලවේග හැටියට මතු වෙන්න පුළුවන් නිසා තමයි මමත් පෞද්ගලිකව කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply