රට පුරා ජනතාව රතිඤ්ඤා පත්තු කලේ IMF ණය ලැබීම නිසා නොවේ – හේතුව අමරවීර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වා ඇත්තේ ණය මුදලක් නොලැබීමේ නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එසේ ජනතාව සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ පැවැති බංකොලොත් භාවයෙන් මිදීම නිසා බවද හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් ඇතිවන ප්‍රධාන වාසිය නම් ණය මුදලක් ලැබීමට වඩා ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදීම බවත් මේ වන විට මෙරට බැංකුවල ණයවර ලිපි විදේශ බැංකු වසින් පිලිගන්නා තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ හරහා මෙරටට ඉන්ධණ, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදය අමතමින් මහතා මේ අදහස් පළ කළේය.



Leave a Reply