ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට…

 

ඉදිරි කැබිනට් සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය ධූරය බන්දුල ගුණවර්ධනගෙන් ඉවත් කර තරුණ ඇමතිවරයෙක් වූ මනුෂ නානායක්කාර වෙත ලබා දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි  රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය මාධ්‍යවල නිලතල සඳහා පත් කර ඇති ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් සම්බන්ධව තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වීමත් ජනමාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රතිරූප නගා සිටුවීමේ මෙහෙයුමක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සිදුකරගෙන යෑම   ආණ්ඩු පක්ෂය තුළම අප්‍රසාදයට පත් වීමත් මේ වෙනස කිරීමට මූලික හේතුව බව වාර්තා වී ඇත.
එමෙන්ම මනුෂ නානායක්කාර මේ විෂයේ වගකීම වඩාත් කාර්යක්ෂමව සහ ස්වාධීනව සිදුකරනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පල කර ඇතැයි ද වාර්තා වේ.
-lankasara

Leave a Reply